Posts

Showing posts from March, 2018

ආලකමන්දාව නොහෝත් සිව ගිරිය

Image
සිවගිරිය (සීගිරිය) නොහොත් කුවේරගේ ආලකමන්දාව... සීගිරිය යනු මුලිකවම හෙළයන් විසින් සුර්ය නමස්කාරය සදහා භාවිතා කරන ලද ගිරිමුදුනතක් බවයි පරම සත්‍ය. හෙළ බසින් සුර්යා හැදින්වීමට සිව කියා යොදාගත්තා. ශිව නමින් හින්දු දෙවියෙකු සිටියත් රාවණා රජු හා සම්බන්ධ, හෙළ දීපය හා සම්බන්ධ සිව නාමය සුර්යා මිස වෙනකක් නොවේ.  සුර්ය නමස්කාරය උදෙසා භාවිතාකල ගිරිය යන අරුතින් එය එතැන් පටන් සිවගිරිය වූ බවයි පරම සත්‍ය. මෙම සිවගිරියේ ආලකමන්දාව නිර්මාණයෙන් පසු කිසිදවසක අප මෙය සිවගිරිය කියා හදුන්වා නෑ.එතැන් පටන් එය ආලකමන්දාවයි. මෙම ආලකමන්දාව නොහොත් සීගිරිය මුලික වශයෙන් රාවණා රජුට අයත්ව තිබුණක් නොවේ. මෙය නිර්මාණය කරනු ලැබුවේ මහා රාවණයන්ගේ අයියණ්ඩිය වූ වෛශ්‍රවණටයි(කුවේර).ලෝකයේ ඉහලම ධනයක් හිමි ධන කුවේරයා වුයේත් එතුමන්මයි. අද වන විටත් මේ මහපොළව රකින සතරවරම් දෙවුමහරජවරුන් අතර වෛශ්‍රවණට හිමිවෙන්නේ ප්‍රධානස්ථානයක්.වෛශ්‍රවණගේ රාජ්‍ය පරිපාලනය උදෙසා මහා රාවණයන්ගේත් පියාවූ විශ්‍රව මුණිවරයා හා එතුමන්ගේත් පියාවූ පුලස්ති ඍෂිවරයා ඇතුළු පිරිසගේ අධීක්ෂණයෙන් මෙහි බිම් සැලැස්ම මාලිගා සැලැස්ම පිළිබද ක්‍රමානුකුල නිර...