ආලකමන්දාව නොහෝත් සිව ගිරිය

සිවගිරිය (සීගිරිය) නොහොත් කුවේරගේ ආලකමන්දාව...

සීගිරිය යනු මුලිකවම හෙළයන් විසින් සුර්ය නමස්කාරය සදහා භාවිතා කරන ලද ගිරිමුදුනතක් බවයි පරම සත්‍ය. හෙළ බසින් සුර්යා හැදින්වීමට සිව කියා යොදාගත්තා. ශිව නමින් හින්දු දෙවියෙකු සිටියත් රාවණා රජු හා සම්බන්ධ, හෙළ දීපය හා සම්බන්ධ සිව නාමය සුර්යා මිස වෙනකක් නොවේ. 

සුර්ය නමස්කාරය උදෙසා භාවිතාකල ගිරිය යන අරුතින් එය එතැන් පටන් සිවගිරිය වූ බවයි පරම සත්‍ය. මෙම සිවගිරියේ ආලකමන්දාව නිර්මාණයෙන් පසු කිසිදවසක අප මෙය සිවගිරිය කියා හදුන්වා නෑ.එතැන් පටන් එය ආලකමන්දාවයි.


මෙම ආලකමන්දාව නොහොත් සීගිරිය මුලික වශයෙන් රාවණා රජුට අයත්ව තිබුණක් නොවේ. මෙය නිර්මාණය කරනු ලැබුවේ මහා රාවණයන්ගේ අයියණ්ඩිය වූ වෛශ්‍රවණටයි(කුවේර).ලෝකයේ ඉහලම ධනයක් හිමි ධන කුවේරයා වුයේත් එතුමන්මයි.

අද වන විටත් මේ මහපොළව රකින සතරවරම් දෙවුමහරජවරුන් අතර වෛශ්‍රවණට හිමිවෙන්නේ ප්‍රධානස්ථානයක්.වෛශ්‍රවණගේ රාජ්‍ය පරිපාලනය උදෙසා මහා රාවණයන්ගේත් පියාවූ විශ්‍රව මුණිවරයා හා එතුමන්ගේත් පියාවූ පුලස්ති ඍෂිවරයා ඇතුළු පිරිසගේ අධීක්ෂණයෙන් මෙහි බිම් සැලැස්ම මාලිගා සැලැස්ම පිළිබද ක්‍රමානුකුල නිර්මාණ බාවිතය කරනු ලැබුවේ මය දානවයන් (මහා රවණා රජුගේ බිරිදගේ පියා වන මන්දෝදරියගේ පියා) විසිනි.

පසු කාලීනව වෛශ්‍රවණ(කුවේර) තම රාජධානිය ලෙස ආලකමන්දාව සකසා ගත්තා.නමුත් මහා රාවණයන් වෛශ්‍රවණගේ යාගහෝම සත්ව ඝාතන ඉවසියනොහැකි තැන ආලකමන්දාව ආක්‍රමණයකලා.කුවේරට හිමිවතිබූ පුෂ්පක විමානයත්(දඩුමොනරය) රවණා තමන් සතුකරගත්තා.මේ සටන හේතුවෙන් කුවේරයත්,ඔහුගේ යාගහෝම කරන පුජකයනුත්,සිතුවම් ඇදි සිත්තරනුත් වර්තමානයේ උතුරු ඉන්දියාව ලෙස හදුන්වන ප්‍රදේශයට පැනගියා.  

සීගිරිය මෙය කන්දක් නොවේ ගිරියක්, ගිරියක් යනු ඇතුලත කුහරයක් සහිතව මතුපිටට නෙරා ආ කොටසක්.එම කුහර ස්භාවය යොදා ගනිමින් සීගිරිය පර්වතය මුදුනේ මෙන්ම ගල අභ්‍යන්තරයේද මාලිගාව තට්ටු 7 ට නිර්මාණයකර ඇතිබවයි සත්‍ය.අදටත් මෙම ආලකමන්දාව මකර සෙන්පතිතුමන්(පුලත් ,රකුස්,ජන්තු,අමර ආදීන් සමග සමකාලීනව මහා රවණා යුගයේ විශේෂ කටයුතු භාරව සිටි සෙන්පතිවරු අතරින් ප්‍රබලම අයෙක්)  විසින් සුරකිනු ලබනවා.මකර සෙන්පතිතුමන් අදටත් සීගිරි ගල අභ්‍යන්තරයේ ධ්‍යාන සුවයෙන් සිටින බවයි සත්‍ය.

උද්‍යාන අලංකරණය අතින් ගත්තද,වාස්තු විද්‍යාව අතින් ගත්තද,ගෘහ අලංකරණය අතින් ගත්තද පරිපුර්ණ වූ ආලකමන්දාව සංකීර්ණය මෙලොව වෙනත් කිසිදු ඉදිකිරීමකට දෙවැනි වුයේ නෑ.

මෙතෙක් ඉතිහාසය ලියවිලා තිබුනේ සීගිරිය නිර්මාණය කලේ කාශ්‍යප රජතුමා කියලයි.කාශ්‍යප කියන්නේ තමන්ගේ සොහොයුරා වෙච්ච මුගලන් තමන්ව ඝාතනය කරයි කියල බයට සැගවිලා හිටපු කෙනෙක්. මුළු දඹුල්ලට පෙන්න ඒ සිමාවේ තිබෙන උසම පර්වතය මුදුනෙම මාලිගයකුත් හදලා හැමෝටම පෙන්න මිනිහෙක් හැන්ගෙනවද?කාශ්‍යප පාලනය කරේ වසර 18යි.සීගිරිය නිර්මාණය කලේ කාශ්‍යප රජු නම් ඒ අවුරුදු 18ම කාශ්‍යප රජුට කරන්න වෙන්නේ මාලිගාවේ වැඩට අත්උදවුදීම විනා රාජ්‍ය පාලනය කිරීම නොවෙයි.කාශ්‍යප රජුගේ කාලයේ තිබුන ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඔයවැඩේ කරානම් ඔය අවුරුදු 18ත් මදිවෙන බවයි සත්‍යය.

මීට,
 ශ්‍රී රාවණ.!

Comments